කොමිෂන් සභාව සතු බලතල.
/0 Comments/in Uncategorized /by copkkkබස්නාහිර පළාතේ සමුපකාර සමිති සේවකයින් ට අදාල පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට හා නියමයන් නිකුත් කිරීම ට කොමිෂන් සභාව වෙත බලතල පැවරී ඇත.
- සමුපකාර සමිතිවල සේවකයින් බඳවාගැනීමේ හා උසස්කිරීමේ සුදුසුකම්, ක්‍රමවේද හා සේවා කොන්දේසි නිශ්චය කිරීම.
- සමුපකාර සමිතිවල සේවකයින් බඳවා ගැනීම සඳහා විභාග පැවැත්වීම හෝ විභාග පැවැත්වීමේ කාර්යය සඳහා පරීක්ෂක මණ්ඩල පත්කිරීම හා විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින්ගෙන් ගාස්තු අය කිරීම.
- තනතුරුවලට අනුයුක්ත කළ යුතු වැටුප් ක්‍රම නියම කිරීම, කලින් කලට ප්‍රතිශෝධනය කිරීම හා සකස් කිරීම.
- සමපුකාර සමිති සේවකයින්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි නිශ්චය කිරීම කිරීමේ දී කොමිෂන් සභාවට සහාය වීම පිණිස අවශ්‍යයැයි හැඟෙන උපදේශක කාර්යය සංවිධාන පිහිටුවීම.
- කොමිෂන් සභාව විසින් නියම කරන ලද වැටුප් ත්රම අනුව වැටුප් ගෙවන ලෙස සමුපකාර සමිතිවලට නියම කිරීම.සේවකයින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමේ අයිතිවාසිකම් ක්‍රියාවෙහි යෙදවීමෙහිලා සම්පකාර සමිතියක් විසින් අනුගමනය කළ යුතු කාර්ය පරිපාටි නිශ්චය කිරීම.
- කොමිෂන් සභාව විසින් නියම කරනු ලබන කාල සීමා ඇතුළත සේවකයින්ට විරුද්ධව පවත්වන විනය පරීක්ෂණ අවසන් කරන ලෙස සමුපකාර සමිතිවලට නියම කිරීම.
- සමුපකාර සමිතියක් විසින් ලබා දී ඇති විනය නියෝගයකට විරුද්ධව පැන නගින අභියාචනා විභාග කිරීම.
- සේවකයින්ට අදාලව නියමිත සටහන් තබන ලෙස අදාල සමුපකාර සමිති වෙත නියම කිරීම.
- යම් සේවකයෙකු සම්බන්ධයෙන් කොමිෂන් සභාවට අවශ්‍ය විය හැකි ලිපිගොනු හෝ ලේඛන හෝ තොරතුරු නිශ්චිතව නියමිත දිනකට පෙර ඉදිරිපත් කරන ලෙස අදාල සමිතියට කියා සිටීම.
- කොමිෂන් සභාව වෙත යොමු කළ අභියාචනා සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ පවත්වා කොමිෂන් සභාව වෙත වාර්තා කිරීම පිණි නිලධාරීන්ගෙන් සමන්විත අභියාචනා පරීක්ෂණ නිලධාරීන් හෝ අභියාචනා පරීක්ෂණ මණ්ඩල පත්කිරීම.
- යම් සමුපකාර සමිතියක සේවකයෙකුගේ ක්‍රියාකලාපය පරීක්ෂණයකට විෂිය වී තිබීම හේතුවෙන් සේවකයා විසින් සමිතියේ තීරණයකට විරුද්ධව කොමිෂන් සභාව වෙත අභියාචනා කර ඇති අවස්ථාවක ඔහු නැවත සේවයට ගැනීම පිළිබඳව උපදෙස් ඇතුළුව එම සේවකයා සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් දෙනු ලබන උපදෙස් ක්‍රියාත්මක කරන ලෙස සමුපකාර සමිතිවලට නියම කිරීම.
- සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ දී පාරිතෝෂික හෝ වෙනත් ප්රතිලාභ වශයෙන් ඔවුන්ට ප්රදානය කළ හැකි ප්‍රතිපත්ති සාමාන්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව නියම කිරීම.
- සමුපකාර සේවක කොමිෂන් සභා ප්රඥප්තිය ක්‍රියාත්මක වීමෙන් යම් සමුපකාර සමිතියක් හෝ සමිති පන්තියක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කොමසාරිස් විමසා විෂයභාර ගරු අමාත්‍යතුමා වෙත උපදෙස් ලබා දීම.
- පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව විෂයභාර ගරු ඇමතිතුමා විසින් පනවනු ලැබූ ගැසට්පත්රෙය් පළ කරනු ලබන ආඥාවකින් කොමිෂන් සභාව වෙත පවරනු ලැබිය හැකි සමුපකාර සමිතිවලට හා ඒවායේ සේවකයින්ට අදාල වෙනත් බලතල ක්‍රියාවෙහි යෙදවීම.
- ඉහත කී බලතල ක්‍රියාවෙහි යෙදවීමේදී කොමිෂන් සභාව විසින් කරන ලද යම් තීරණ හෝ නිශ්චය කිරීම්, වෙනස් කිරීම්, අමුතු කිරීම් හෝ ප්‍රතිශෝධනය කිරීම් හෝ ඉවත් කිරීම් සිදු කිරීම.
Address:
No. 628, 8th Floor,
Janajaya City Building,
Nawala Road,
Rajagiriya.
Telephone No: 011-2885705
Fax No: 011-2885705
Email: wpcoopec@gmail.com
Road Map
Visitor Counter







