• 1994 අංක 01 දරණ බස්නාහිර පළාතේ පළාත් සභා සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය
  • 1972 අංක 12 දරණ සමුපකාර සේවක කොමිෂන් සභා පනත යටතේ සම්පාදිත රෙගුලාසි මාලාව
  • 1972 අංක 12 දරණ සමුපකාර සේවක කොමිෂන් සභා පනත යටතේ සම්පාදිත රෙගුලාසි සංශෝධනය
  • සමුපකාර සේවක කාර්යය විධිවිධාන සංග්‍රහය
  • මේ සම්බන්ධයෙන් වන විධිවිධාන 1/99 චක්‍රලේඛයෙහි දැක්වේ.විනය පරීක්ෂණයක දණ්ඩන නියමයක් වශයෙන් සේවයෙන් පහ කරනු ලැබූ හෝ සේවය හැර ගිය බවට සලකනු ලැබූ හෝ අයෙකුට පාරිතෝෂිකය හිමි නොවේ.එසේම, කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අයට ද පාරිතෝෂිකය හිමි නොවේ.
  • ඒ හැර, විශ්‍රාම යාමෙන්, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමෙන්, ඉල්ලා අස්වීමෙන්, සේවය නතර කිරීමෙන් හෝ වෙන මොන යම් ආකාරයකින් හෝ සේවය අහිමි වූ සමුපකාර සේවකයෙකු වර්ෂ 05 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර ඇත්නම්, සමුපකාර සේවක කාර්ය විධිවිධාන සංග්‍රහයේ 3:1:9, 3:1:10, 3:1:12 සහ 3:5:3 හි සඳහන් විධිවිධානවලට යටත්ව පාරිතෝෂිකය සඳහා ඔහුට හිමිකම් ඇත.
  • මාසික වැටුප් ලබන සේවකයින් මෙන්ම, කෑලි මට්ටමේ වැටුප් ලබන සේවකයින් ද ඉහත විධිවිධාන යටතේ පාරිතෝෂිකය හිමි වේ.

පාරිතෝෂිකය ගණනය කරන අන්දම පහත දක්වා ඇත.

අවසන් වරට ලබා ගත් දීමනා රහිත වැටුප     X   සේවා කාලය (පූර්ණ වර්ෂ ගණන)
____________________________________
                           2          

  • වැඩ බලන තනතුර, වැඩ බලන නිලධාරියාගේ නිත්‍ය තනතුරට ඉහළ හෝ සමාන මට්ටමේ තනතුරක් විය යුතුයි. වැඩ බලන නිලධාරියා කොමිෂන් සභාවේ අනුමත නිලධාරියෙක් විය යුතු අතර, වැඩ බලන තනතුර සඳහා සුදුසුකම් සපුරා තිබිය යුතුයි. වැඩ බලන තනතුර අනුමත, පුරප්පාඩු තනතුරක් වන්නා සේ ම, වැඩ බලන නිලධාරියා මාසයකට වඩා වැඩි කාලයක් එම තනතුරේ වැඩ බැලීම කර තිබිය යුතුයි.
  • ඉහත අවශ්‍යතා සම්පූර්ණ වන්නේනම්, සමුපකාර සේවක කාර්ය විධිවිධාන සංග්‍රහයේ 8 වන පරිඡේදයේ සඳහන් ආකාරයට වැඩ බැලීමේ පත්වීම් කොමිෂන් සභාවෙන් අනුමත කර ගත යුතු වෙනවා.
  • එසේ වැඩ බැලීමේ පත්වීම අනුමත කර ගත් පසු, පහත පරිදි වැඩ බැලීමේ දීමනාව ගණනය කර ගෙවිය හැකියි.
  • නිත්‍ය තනතුරේ වැඩ කිරීමට අමතරව ඉහළ තනතුරක වැඩ බලන විට, නිත්‍ය තනතුරේ වැටුපට අමතරව, වැඩ බලන තනතුරේ ආරම්භක මූලික වැටුපෙන්¼ක්, නිත්‍ය තනතුරේ වැඩ නොකර වැඩ බැලීමේ තනතුරේ රාජකාරී පමණක් ඉටු කරන විට, වැඩ බලන තනතුරේ ආරම්භක මූලික වැටුපෙන්½ක් ද, නිත්‍ය තනතුරේ ආරම්භක මූලික වැටුපෙන්½ක් ද, නිත්‍ය තනතුරේ උපයා ගෙන ඇති සියළුම වැටුප් වර්ධක.
  • සමුපකාර සේවක කාර්ය විධිවිධාන සංග්‍රහයේ 1.8 පරිච්ඡේදයේ සඳහන් ආකාරයටම තොරතුරු ඉදිරිපත් කළ පසුව, රාජකාරී ඉටු කිරීමේ පත්වීමක් වශයෙන් කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන යම් පත්වීමක දී, වැඩ බැලීමට හිමි වන දීමනාවෙන් 2/3 ක් දීමනාවක් ගණනය කර ගෙවිය හැකියි.
  • චක්‍රලේඛ අංක:07/2004 අනුව, ස්ථිර, තාවකාලික, අනියම් හෝ අභ්‍යාසලාභී  සේවිකාවකගේ දරු උපතක් වෙනුවෙන් වැඩ කරන දින 84ක සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු හිමි වේ. දරුවාගේ උප්පැන්න සහතිකය හෝ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
  • සේවිකාවට ගර්භණී කාලය මාසය 05 ඉක්ම වූ පසුව, දරු උපත සිදු වන තුරු, සාමාන්‍ය කාර්යාල වේලාවට පැය භාගයක් පසුව කාර්යාලයට පැමිණීමටත්, පැය භාගයක් වේලාසනින් කාර්යාලයෙන් පිටත් වීමටත් අවසර දිය යුතුය.
  • එම නිවාඩුව අවසන් වූ පසුව, දරුවාට මාස 06ක් සම්පූර්ණ වන තුරු සාමාන්‍යයෙන් කාර්යාලයෙන් පිටවන වේලාවට පැයකට කලින් කාර්යාලයෙන් පිටත් වීමට අවසර දිය යුතුය.
  • මූලික විමර්ශනයකින් අනතුරුව, යම් සේවකයෙකුට විරුද්ධව චෝදනා ගොනු කර විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන අවස්ථාවක දී  06/2004  චක්‍රලේඛ ප්‍රකාරව,
    1. එම අධ්‍යක්ෂ මණ්ඩල තීරණය,
    2. මූලික විමර්ශනයේ නිර්දේශ,චෝදනා පත්‍ර කෙටුම්පත සහ,අදාල චූදිතයා කොමිෂන් සභාවේ අනුමත සේවකයෙකුනම් එම පත්වීම් ලිපියේ පිටපත
    3. චක්‍ර‍ලේඛ 14/2019 අනුව විනය පරීක්ෂණයකදී, විනය පරීක්ෂණ නිලධාරියෙකු පත්කිරීමේ වගකීම අදාල සමිතියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරෙන අතර විනය පරීක්ෂණ නිලධාරීන් පත්කිරීමේදී සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් යාවත්කාලීන කර පවත්වාගෙන යනු ලබන විනය පරීක්ෂණ නිලධාරී නාම ලේඛණය, ඒ සඳහා අදාල කරගත යුතුවේ.
    4. සමුපකාර සමිති ප්‍රඥප්තියේ 46(1) යටතේ කෙරෙන විභාගයකින් හෝ  47(1) යටතේ කෙරෙන පොත්පත් පරීක්ෂණයකින් හෝ 47(2) යටතේ කෙරෙන විමර්ශනයකින් හෝ නිර්දේශයන් ලබා දෙන අවස්ථාවක මූලික විමර්ශනයකින් තොරව විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව චක්‍රලේඛ අංක:11/2005 අනුව සැලසී තිබෙනවා.
  • විධිමත් විනය පරීක්ෂණයකින් පසුව කරනු ලබන විනය නියෝගයකට එරෙහිව සමුපකාර සේවකයෙකු විසින් හෝ ඔහු වෙනුවෙන් යම්කිසි වෘත්තීය සමිතියක් විසින් හෝ රෙගුලාසි 135 යටතේ කොමිෂන් සභාව අභියාචනා කළ හැකිය.
  • විනය නියෝගය නිකුත් කළ දින සිට මාස 06ක් ඇතුළත V වෙනි පරිශිෂ්ඨයේ දැක්වෙන ආකෘතිය මඟින් අභියාචනය ඉදිරිපත් කළ යුතු වේ.
  • එම අභියාචනය විභාග කිරීමට කොමිෂන් සභාව තීරණය කිරීමෙන් පසුව, අදාල සමුපකාර සමිතිය වෙතින් විනය පරීක්ෂණයට අදාල සියළු ලිපිලේඛණ කැඳවා පරීක්ෂා කරනු ලැබේ. ඉන් අනතුරුව, අවශ්‍යවේ නම්, දෙපාර්ශවය කොමිෂන් සභාව වෙත කැඳවා අභියාචනා තින්දුවක් ලබා දීම සිදු කරයි.
  • කොමිෂන් සභාව විසින් අභියාචනා  තීන්දුව ලබා දුන් දින සිට දින 60ක් ඇතුළත

නැවත කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකි වන අතර, කොමිෂන් සභාව විසින් සෑහීමකට පත් වන ආකාරයේ කරුණු ඇත්නම් පමණක් එම අභියාචනය නැවත විභාග කරනු ඇත.

වැරදි

  1. සාධාරණ හේතුවක් නොමැතිව සේවය නොපැමිණීම
  2. සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රමාද වී සේවයට පැමිණීම
  • සේවයේ යෙදී සිටිය දී කුසීත වීම හා නොසැලකිලිමත් වීම
  1. තම සේවය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ලැබෙන නියෝග පිළිපැදීමට ඕනෑකමින් අසමත් වීම
  2. ව්‍යාපාර කටයුතු සඳහා සේවා ස්ථානයට පැමිණෙන මහජනයා වෙත අවිනීත අන්දමින් හැසිරීම
  3. අසනීප ව්‍යාජයෙන් වැඩ අතපසු කිරීම
  • සේවා ස්ථානය භාර අයගේ පූර්ව අනුමැතියක් නොමැතිව එහි තුළ සේවයට අදාල නොවන පත්‍රිකා, ප්‍රචාරක පොත්, පෝස්ටර් යනාදිය බෙදා හැරීම හෝ ප්‍රදර්ශනය කිරීම
  • සේවා ස්ථානය පිරිසිදුව තබා ගැනීමට දී ඇති උපදෙස් උල්ලංඝණය කිරීම
  1. සේව්‍යයා විසින් දුම්බීම තහනම් කර ඇති සේවා ස්ථානයේ ඕනෑම කොටසක දුම්බීම.

බරපතල වැරදි

  1. සේවකයාගේ නොසැලකිලිමත්කම, ඕනෑකම හෝ වැරැද්ද නිසා සිදු වී යැයි කෙළින්ම ඒත්තු යන අන්දමේ අලාභයක් හෝ හානියක් සේව්‍යයාගේ භාරයේ ඇති හෝ ඔහුට අයිති හෝ ද්‍රව්‍ය හෝ බඩු බාහිරාදිය සම්බන්ධයෙන් සිදු කිරීම
  2. ඕනෑකමින්ම අකීකරුවීම හෝ විනය කඩ කිරීම
  • සමුපකාර සමිති සතු භූමි සීමාව තුළ ඇති ද්‍රව්‍ය හෝ බඩු බාහිරාදිය හොරකම් කිරීම සහ සේව්‍යයාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් වංචනික වීම හා වංක වීම
  1. චරිත දූෂණය සම්බන්ධයෙන් වූ වරදකට දඬුවම් ලැබීම
  2. අල්ලස් ගැනීම හා අල්ලස් දීම, වෙනත් නීති විරෝධී දීමනාවක් දීම
  3. ආයතනය තුළ වැඩ කරන වේලාව තුළ දී අවිනීත අන්දමින් හෝ කලබලකාරී අන්දමින් හැසිරීම
  • සේවයේ යෙදී සිටිය දී නිදා ගැනීම (මුරකරුවන් හා ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් නම්, සේවයේ යෙදී සිටිය දී නිදා ගැනීම හෝ රාජකාරී ස්ථානයෙන් බැහැරව සිටීම)
  • වැඩ කරන වේලාව තුළ බීමත්ව සිටීම
  1. සේවා ස්ථානය තුළ සවි කර ඇති ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් අයුතු ලෙස මැදිහත් වීම
  2. සමිතියේ ව්‍යාපාර ගණුදෙනු සම්බන්ධයෙන් සත්‍ය හා නිවැරදි විස්තර සැපයීමට අපොහොසත් වීම
  3. ගිණුම් වරදවා පෙන්වීම
  • වංචාවන් වසන් කිරීම
  • සාපරාධී විශ්වාසය කඩ කිරීම
  • සමිතිය අපකීර්තියට භාජනය අන්දමින් හැසිරීම. එනම්, මිළ පාලන හෝ ආහාර පාලන නීති යටතේ හෝ ද්‍රව්‍ය සලාක කිරීමේ ක්‍රමය යටතේ හෝ පනවන ලද රීති හෝ රෙගුලාසි හෝ නියෝග කිරීම හෝ එබඳු ක්‍රියාවකට උදවු හෝ අනුබල දීම

සුළු දඬුවම්

  1. තරවටු කිරිම
  2. තදින් තරවටු කිරීම හෝ දොස් දැක්වීම
  • එක් අවුරුද්දකට වැඩි නොවන කාල සීමාවක් සඳහා වැටුප් වර්ධක නැවැත්වීම හෝ අඩු කිරීම හෝ විලම්භනය කිරීම
  1. විනයානුකූල මාරුවක් වශයෙන් නිලධාරියාගේ වියදමින් ඔහු වෙනත් ස්ථානයකට මාරු කර යැවීම
  2. විනයානුකූල පරීක්ෂණයකින් පසුව අධිභාරයක් පැනවීම
  3. සතියක වැටුපකට නොවැඩි දඩයක් පැනවීම

බරපතල දඬුවම්

  1. සේවයෙන් පහ කිරීම
  2. සේවය අවසන් කිරීම
  3. අනිවාර්ය විශ්‍රාම ගැන්වීම
  4. ජ්‍යෙෂ්ඨත්වය පහළ දැමීම (එනම්, නිලධාරියා අයත් වන ශ්‍රේණියේ නියමිත පියවර ගණනකින් පහළ දැමීම)
  5. නිල තත්ත්වයෙන් පහළ දැමීම (ඔහු අයත් වන සේවයේ ඊළඟ පහළ වැටුප් පරිමාණයේ ඔහු නැවත පිහිටුවීම)
  6. එක් අවුරුද්දකට වැඩි කාල සීමාවකට එක් වැටුප් වර්ධකයක් හෝ ඊට වැඩි ගණනක් නැවැත්වීම, අඩු කිරීම හෝ විලම්භනය කිරීම
  7. නිශ්චිත කාල සීමාවක් ගත වන තුරු උසස්වීම් විලම්භනය කිරීම
  8. නිශ්චිත කාල සීමාවක් ගත වන තුරු කිසිදු උසස් කිරීමේ පරීක්ෂණියකට පෙනී සිටීමට නුසුදුස්සෙකු කිරීම
  • 2016-01-01 දින සිට බස්නාහිර පළාතේ සමුපකාර සමිති සේවකයින් සඳහා ක්‍රියාත්මක වන්නේ, 02-2018 චක්‍රලේඛයේ සඳහන් වැටුප් පරිමාණයන්ය. එම වැටුප් පරිමාණ සඳහා වැටුප් පරිවර්තනය කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස්, 02/2018 චක්‍රලේඛයෙහි දක්වා තිබේ.
  • එසේම, සෑම සමුපකාර සේවකයෙකුට ම මූලික වැටුපෙන් 15%ක අන්තර් දීමනාවක් ද, රු.2,500/-ක ජීවන වියදම් දීමනාවක් ද ගෙවීමට 08/2015 චක්‍රලේඛය මඟින්, උපදෙස් ලබා දී ඇත.