සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම්තුමියගේ පණිවිඩය ………………

බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ ප්‍රධාන අරමුණ වනුයේ, පළාතට අයත් සමුපකාර සේවක ප්‍රජාව ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කරලීම වන අතර, ඒ මඟින් රටේ තිරසාර සංවර්ධනයක් කරා යොමු කිරීමට දායක වීම වේ.

ඒ සඳහා බස්නාහිර පළාත් සමුපකාර කොමිෂන් සභාවේ කාර්යභාරය ප්‍රශස්ථ ලෙස ඉටු කිරීම සඳහා කැප වී ක්‍රියා කරනු ලබන අතර, මෙම නිල වෙබ් අඩවිය දියත් කිරීමේ අරමුණ වන්නේ ද එකී පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමයි.

මේ සඳහා නිරතුරුව සහයෝගීව කටයුතු කරනු ලබන අතර ‍කොමිෂන් සභාවේ සභාපතිතුමා සහ සාමාජික මහත්වරුන් දෙපළ වෙත මාගේ කෘතවේදිත්වය පළ කර සිටිමි.

එසේම, මා සමඟ උපරිම අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කරනු ලබන පරිපාලන නිලධාරිනිය ඇතුළු නිලධාරී මණ්ඩලය ආදරයෙන් සිහිපත් කරන අතර, ඔවුනට ස්තුතිය පුද කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

එස්. ඒ. එල්. රංගනි
ලේකම්
සමුපකාර සේවක කොමිෂන් සභාව
බස්නාහිර පළාත.