අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන්……

  • බඳවාගැනීමේ හා උසස්කිරීමේ සුදුසුකම් නිශ්චය කිරීම හා ඒ පිළිබඳ සේවා කොන්දේසි හා ක්‍රමවේද නියම කිරීම.
  • සමුපකාර සේවකයින්ගේ පත්වීම් අනුමත කිරීම.
  • වැඩ බැලීමේ පත්වීම්, කොන්ත්‍රාත් පත්වීම් අනුමත කිරීම.
  • සමුපකාර සේවකයින් උසස්කිරීම.
  • මාරුකිරීම.
  • වැටුප් හා දීමනා නියම කිරීම.
  • සම්මුඛ පරීක්ෂණ නිරීක්ෂණ කටයුතු.
  • බඳවාගැනීමේ දැන්වීම් අනුමත කිරීම.
  • සමුපකාර සේවකයින් බඳවා ගැනීම, උසස්කිරීම, මාරුකිරීම, නිවාඩු, වැටුප් හා දීමනා, පරිතෝෂික ගෙවීම හා විනය කාර්යයන් ට අදාල උපදෙස් ලබා දීම.
  • සමිතිවල සේවක පරිපාලනයට අදාල කටයුතු විමර්ශනය.
  • සේවකයින් විසින් පැමිණිලි විමර්ශනය කිරීම.
  • විනය නියෝගවලට එරෙහිව රෙගුලාසි 135 යටතේ ඉදිරිපත් වන අභියාචනා විභාග කොට නියමයන් නිකුත් කිරීම.
  • කොමිෂන් සභාව විසින් නියම කරනු ලබන කාල සීමා ඇතුළත සේවකයින්ට විරුද්ධව පවත්වන විනය පරීක්ෂණ අවසන් කරන ලෙස සමුපකාර සමිතිවලට නියම කිරීම.
  • සමුපකාර සමිතියක් විසින් ලබා දී ඇති විනය නියෝගයකට විරුද්ධව පැන නගින අභියාචනා විභාග කිරීම.
    සේවකයින්ට අදාලව නියමිත සටහන් තබන ලෙස අදාල සමුපකාර සමිති වෙත නියම කිරීම.
  • යම් සේවකයෙකු සම්බන්ධයෙන් කොමිෂන් සභාවට අවශ්‍ය විය හැකි ලිපිගොනු හෝ ලේඛන හෝ තොරතුරු නිශ්චිතව නියමිත දිනකට පෙර ඉදිරිපත් කරන ලෙස අදාල සමිතියට කියා සිටීම.
  • කොමිෂන් සභාව විසින් නියම කරන ලද වැටුප් ත්‍රම අනුව වැටුප් ගෙවන ලෙස සමුපකාර සමිතිවලට නියම කිරීම.සේවකයින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමේ අයිතිවාසිකම් ක්‍රියාවෙහි යෙදවීමෙහිලා සම්පකාර සමිතියක් විසින් අනුගමනය කළ යුතු කාර්ය පරිපාටි නිශ්චය කිරීම.
© Copyright - සමුපකාර සේවක කොමිෂන් සභාව (බස්නාහිර පළාත)
Last updated: September 5, 2017 at 9:03 am - Enfold WordPress Theme by Kriesi