ආයුබෝවන්

ශ‍්‍රී ලංකා බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17.4 වගන්තිය යටතේ සම්පාදිත, 1994 අංක 01 දරණ බස්නාහිර පළාත් සභාවේ සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය යටතේ පැවරී ඇති බලතල අනුව, බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සමුපකාර සමිතිවල සේවය කරන සේවකයින් සම්බන්ධයෙන් පරිපාලන කාර්යයන් මෙහෙයවීම හා නියාමනය කිරීමත්,  එම සේවකයින් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයක්  වශයෙන් ක්‍රියාත්මක වීමත් සඳහා මෙම කොමිෂන් සභාව ස්ථාපනය කොට ඇත.

දැක්ම

කාර්යක්ෂම සේවාවක් සඳහා කැප වූ තෘප්තිමත් සමුපකාර සේවක ප්‍රජාවක් බිහිකිරීම

මෙහෙවර

බස්නාහිර පළාතේ සමුපකාර සමිති සේවකයින්ගේ  පත්කිරීම්, මාරුකිරීම්, උසස්කිරීම්, විනය කටයුතු සහ වැටුප් හා දීමනා නියම කිරීමේ කටයුතු ප්‍රශස්ථ ලෙස ඉටු කිරීම සඳහා යහපාලනය තහවුරු වන නීත්‍යානුකූල රාමුවක් තුළ ආයතනික සම්පත් සඵලදායී ලෙස මෙහෙයවීම.