බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදි කිරීම්

වතු යටිතල පහසුකම්කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ ගරු අමාත්‍ය ලලිත් වනිගරත්න මැතිතුමාගේ පණිවිඩය ……….

බස්නාහිර පළාත පුරා විසිරී, පැතිරී පවතින සමුපකාර සමිතිවලින් පළාතේ ජනතාව වෙත සමුපකාර සේවාවන් සපයා දෙනු වස් කැප වී සිටින සමුපකාර ශ්‍රම බලකාය අති විශාලය.

එම සමුපකාර සේවක ප්‍රජාව වෙනුවෙන් බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් ඉටු කරනු ලබන සේවාවන් පිළිබඳව මාගේ නිබඳ පැසසුම හිමි වන්නේය.

එම සේවාවන් තවත් ඉහළට ඔසවා තබමින්, තම සේවාලාභීන්ගේ ශුභ සිද්ධිය උදෙසා සිය නිල වෙබ් අඩවිය ජනතා අයිතියට පත් කරනු ලබන බස්නාහිර පළා‍ත් සමුපකාර සේවක කොමිෂන් සභාව වෙත මාගේ හෘදයාංගම සුභාශිංෂණ මේ අවස්ථාවේ එක් කරමි.

බස්නාහිර පළාතේ සමස්ත සමුපකාර සේවක පිරිස වෙත අනභිභවනීය සේවාවක් ඉටු කිරීමේ අරමුණ පෙරදැරි කොට, කොමිෂන් සභාව හා එහි කාර්ය මණ්ඩලය විසින් ගනු ලබන මෙම උත්සාහය, පළාත්වාසී ජනතාව වෙත තෘප්තිමත් සමුපකාර සේවාවක් සලසා ගැනීමට රුකුලක් වනු ඇතැයි මා උදක්ම අපේක්ෂා කරන්නෙමි.

ලලිත් වනිගරත්න
පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදි කිරීම්,
වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍ය (බ.ප.)